Loading...

මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට පමණක් ලංවිම රුපියල් මිලියන 15.2ක් වියදම් කරලා

මන්නාරම සුළං විදුලි ජනන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 15.2ක මුදලක් වැය කර ඇති බව විගණන වාර්තාවක් මඟින් අනාවරණය වී තිබෙනවා.

එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ අදාළ මුදල අනවශ්‍ය වියදමක් බවයි.

2020 දෙසැම්බර් මස 08 වැනි දින එවක අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු මෙම ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උත්සවය සඳහා මෙම මුදල වැයකර තිබුණා.

විදුලිබල මණ්ඩලයේ අරමුදල් ආර්ථිකමය ඵලදායි වශයෙන් භාවිතා කර ඇති බවට සහතික විය යුතු බවට එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව සඳහන්.

අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය මත මෙම ගෙවිම් සිදුකොට ඇති බවත් උත්සව වියදම මෙම ව්‍යාපෘතියට මාරුකොට ඇති බව විදුලිබල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *