Loading...

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා, බිරිඳ සහ දරුවාගේ මළසිරුරු හමුවෙයි

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා බිරිඳ සහ දරුවා සිය නිවස තුළ මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ යටිනුවර යහලතැන්න ප්‍රදේශයේ පිහිටි විපක්ෂනායකවරයාගේ නිවස තුළ තිබී අදාළ මළසිරුරු සොයාගෙන ඇති බවයි.

වයස අවුරුදු 52 හැවිරිදි පුද්ගලයෙක්, 44 හැවිරිදි ඔහුගේ බිරිඳ සහ 17 හැවිරිදි දියණියක් මෙලෙස මියගොස් තිබෙනවා.

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ගෙල වැලලාගෙන සියදිවි හානි කරගෙන ඇති අතර බිරිඳ සහ දියණියගේ සිරුරු නිවසේ කාමර තුළ තිබී හමුව ඇති බවද පොලීසිය සඳහන් කරනවා.

පේරාදෙණිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *