Loading...

ගල්අඟුරු ආනයනය සහ විදුලි නිෂ්පාදනයේ අක්‍රමිකතා සෙවූ ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී සිදුවී ඇත්දැයි කියන බරපතල අක්‍රමිකතා හා නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීම සඳහා පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය 2026 දෙසැම්බර් 16 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම කාලය දීර්ඝ කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලසීමාව පසුගිය ඔක්තෝබර් 16 වනදායින් අවසන් වීමට නියමිතව පැවැති අතර, සිදුවන විමර්ශන කටයුතු වඩාත් විධිමත්ව හා පුළුල් ලෙස අවසන් කිරීමේ අරමුණින් මෙලෙස එහි කාලය තවත් මාස දෙකක අතිරේක කාලසීමාවකින් දීර්ඝ කර තිබෙනවා.

අදාළ නීත්‍යානුකූල දීර්ඝ කිරීමට අදාළ විශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් පසුගිය අප්‍රේල් 17 වනදා නිකුත් කර තිබූ බව ද වැඩිදුරටත් වාර්තා වෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *