Loading...

කොළඹ ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක අතුරු තහනම ඉවතට

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18කට ලබන මැයි මස 06 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (11) නියම කළා.

අදාළ පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කොට ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි භාර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරමින් අධිකරණය මෙම නියෝගය ගෙන තිබෙනවා.

අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලාෆර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *