හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
ඔහු මෙලෙස කැඳවා ඇත්තේ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශනයන් සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහායි.
චාමර සම්පත් දසනායක මහතා 2016 වසරේ දී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු ගිණුම් කල් පිරීමට පෙර ඉවත් කර ගැනීම කටයුතු කිරීමෙන් දුෂණයක් සිදුකර ඇති බව සඳහන් කරමින් ඔහුට එරෙහිව යොමුකරන ලද පැමිණිල්ලක් දැනට විමර්ශන සිදුකරමින් පවතිනවා.
ඊට අදාළව ඊයේ (10) දිනයේ දී විශේෂ ප්‍රකාශයක් හිටපු ජනාධිපතිවරයා සිදුකර තිබූ අතර ඉන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන විමර්ශනයට අදාළ තොරතුරු ඒ මහතා දන්නා බවටත් අදාළ විමර්ශනයට යම් අවස්ථාවක මැදිහත් වී ඇති බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා.
මේ අනුව අදාළ ප්‍රකාශයන් හිටපු ජනාධිපතිවරයා කළ කරුණු තහවුරු කරගැනීමට අදාළ ලේඛන සමඟ අප්‍රේල් මස 17 වනදා උදෑසන 9.30ට අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.
Leave a Reply