Loading...

ගුරු විදුහල්පති වැඩවර්ජනය අදත්

ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද (27) දිනයේ ද ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (26) කොළඹ පැවැති විරෝධතාවයට පොලීසිය එල්ල කළ කදුළු ගෑස් සහ ජල ප්‍රහාරයට විරෝධය පළ කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති මෙලෙස වැඩ වර්ජනය නිරත වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (26) දිනයේ දීද අසනීප නිවාඩු වාර්තා කරමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති වැඩ වර්ජනයක නිරත වූ අතර ඒ හේතුවෙන් රටපුරා පාසල් රැසක අධ්‍යයන කටයුතු ඇණහිට තිබුණා.

කෙසේ නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය අද (27) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රජයේ සියලුම පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *