Loading...

මේ වසරේ බදු අඩු කරන්න බෑ – නියෝජ්‍ය අමාත්‍ය චතුරංග

මෙම වසර තුළ බදු අඩු කිරීමට හැකියාවක් නොමැති බව කර්ම්නත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසනවා.

ඒ මහතා පවසන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ පැමිණ ඇති එකඟතා අනුව 15.1 % දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීම සඳහා පියවර ගත යුතු බවයි.

“විශේෂයෙන් තියෙන වක්‍ර බදුවල අඩුවීමක් කාලයක් එක්ක තමා කරන්න වෙන්නේ. මොකද මේ අවුරුද්ද ඇතුළත බදු අඩුකිරීමක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. අපි IMF එකට අනුව සියයට 15.1ක දළ දේශීය නිෂ්පාදිතයෙන් යම් බදු ප්‍රමාණයක් එකතු කරගත යුතුයි.

නමුත් මෙම ක්‍රියාවලියෙන් අපි එළියට එද්දි ආදායම් එකතු කරගැනීමේ කාර්යක්ෂමතාවය වැඩිවෙද්දි ඒ සහන නැවත එම කාර්මාන්තවල නිෂ්පාදනවලට දෙන්න හැකියාවක් තියෙනවා. එතැනින් එහාට ගියාම විශේෂයෙන් බැංකු කේෂ්ත්‍රයේ සහ කර්මාන්තවල තාක්ෂණික ආයෝජනවලට බදු සහන ලබාදීමට නව රජය බලාපොරොත්තු වෙනවා.

ඉතින් මේ සියල්ල 17 අයවැයෙන් අපිට බලන්න පුළුවන්. අයවැය හරහා විශේෂයෙන් කර්මාන්තවලට අවශ්‍ය පහසුකම් හා සහාය ලබාදෙන්න තමා රජය බලාපොරොත්තු වෙන්නේ. අනාගතයේ වසර කිහිපයක් තුළ කර්මාන්තවලට සුදුසු පරිසරයක් බිහිකිරීම තමා රජයේ අරමුණ.

බදු ප්‍රතිපත්තියක් අපි අලුතින් ගේනවා ටැරිෆ් පොලිසි කියලා, ඒකෙදි නිෂ්පාදන යෙදවුම්වලට තියෙන බදු අඩු හෝ ඉවත් කිරීමට සඳහා තමා ඒ ප්‍රතිපත්තිය ගේන්නේ. හැම කර්මාන්තකරුවෙකුම තමන්ගේ ආනයනික නිෂ්පාදන යෙදවුම් මොනවාද කියන එක අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඒ tariff policy එක.

ඊළඟට අපේ කර්මාන්තවලට තියෙන ඊළඟ ගැටලුව තමා විශේෂයෙන් අපි කොච්චර මහන්සියෙන් මේ රටේ කර්මාන්ත, නිෂ්පාදන කළත් ඉතාමත් අඩු මිලට බදු නොගෙවා සමහර වෙලාවට ඉන්වොයිස් වැලියුව් එක පහළට දාලා ආනයනයන් සිදුවෙනවා. මේ සඳහා අපි ආරක්ෂණයක් ගේනවා.

anti dumping policy එක ඉස්සරහට. ඒ හරහා තමා අපි කර්මාන්ත කේෂ්ත්‍රයට සහායක් දෙන්නේ. බදු ප්‍රතිපත්තියත් එක් එක් කර්මාන්තයට අනුව යම්කිසි වෙනස්කම් සිදුවෙන්න පුළුවන්. නමුත් සමස්ත බදුවල අඩුවීමක් එළැඹෙන අයවැයෙන් බලාපොරොත්තු වෙන්න බෑ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *