නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පත් කර තිබෙනවා.
2014 වසරේ ජනවාරි 01 වනදා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවයට එක්වූ ඔහු මහනුවර හා ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨාසවලින් සේවය කර අනතුරුව මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා වශයෙන්ද, පොලිස් නීති කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වශයෙන්ද, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන්ද රාජකාරී කර ඇති බව සඳහන්.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී ප්‍රථම උපාධිය ලබාගත් ඒ මහතා එම විශ්ව විද්‍යාලයේම විද්‍යාව සම්බන්ධ පශ්චාත් උපාධිය ලබා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය හදාරා තිබෙනවා.
තවද රුසියාව, කාමභෝජය, තායිලන්තය හා පිලිපීනය පැවැත්වූ පාඨමාලාවලට සහභාගි වී ඒ ඒ රටවල පොලිස් රාජකාරී පිළිබඳ විෂය අවබෝධයක්ද ලබා ගත් කීර්තිමත් නිලධාරියෙකි.
Leave a Reply