Loading...

සිරියාවම අදුරේ

ජාතික විදුලිබල පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් සිරියාව පුරා විදුලිබලය ඇනහිට තිබෙනවා.

එරට බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ මෙම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාක්ෂණික කණ්ඩායම් යුහුසුළුව කටයුතු කරන බවයි.

යම් ප්‍රහාරයක් හේතුවෙන් මෙලෙස රටපුර විදුලිබලය ඇන හිටියේ ද යන්න සම්බන්ධව වාර්තා නොමැති අතර කෙසේ වෙතත් ඒ සම්බන්ධව අවධානයෙන් පසුවන බවද සිරියා බලධාරීන් ප්‍රකාශ කරනවා.

මේ වන විට සිරියාව විදුලිබල සැපයුම පිළිබඳව අර්බුද පවතිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බොහෝ ප්‍රදේශවලට දිනකට පැය දෙකක් හෝ තුනක් පමණ විදුලිය කප්පාදු කෙරෙන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *