Loading...

සෙව්වන්දි ගැන බොරු කියූ සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාරයට

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කර සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය සම්බන්ධව අසත්‍ය තොරතුරු ලබාදුන් සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි ලහිරු සම්පත් නැමැති සැකකරුවෙකු මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව සඳහන්.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැවසුවේ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය පිළිබඳ අසත්‍ය තොරතුරු මෙම සැකකරු විසින් පොලීසිය වෙත සිය දුරකථනය මාර්ගයෙන් සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කර ඇති බවයි.

මෙමඟින් ඔහු පොලිස් පරීක්ෂණ නොමඟ යැවීමට කටයුතු කර ඇති බවද ඔවුන් අධිකරණය හමුවේ චෝදනා කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාල සැකකරු ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *