Loading...

හොරණ ද්විත්ව ඝාතනයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට

පාදුක්ක, අංගමුව ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි හුවමාරුවකදී පුද්ගලයෙක් අද (08) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුර පොලිස් මාර්ග බාධාකයක් අසළ දී අණ නොතකා ධාවනය කළ යතුරු පැදියක් පොලීසියට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි.

එහිදී පොලීසිය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී යතුරු පැදිකරු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගුවන් හමුදාවේ සේවය කළ සෙබලෙක් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ඊයේ (07) හොරණ තල්ගහවිල ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *