Loading...

මත්පැන් බලපත්‍ර සම්බන්ධ ගැසට් නිවේදනයකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

පසුගිය රජය සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩි කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

මෙම මුලික අයිතිවාසිකම් පෙත්සම විභාග කරනු ලැබුවේ ඒ. එච්. එම්. ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

ශ්‍රී ලංකා මත්පැන් අලෙවි බලපත්‍රලාභීන්ගේ සංගමය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ 2024/1 දරන ගැසට් නිවේදනය මඟින් මත්පැන් බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තුව රුපියල් මිලියන 20 දක්වා වැඩි කළ බවයි.

අදාළ බලපත්‍ර වාර්ෂික බලපත්‍ර ගාස්තු වැඩි කිරීම තුළින් තමන්ට දැඩි අසාධාරණයක් සිදුවූ බවත් ඉන් සිය මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

තවද 2017 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අනුව බලපත්‍ර ගාස්තු අය කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන් තම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *