Loading...

ගැනුම්කරුවන් නොමැතිව දියවන්නාවේ සුපිරි වාහන වේලෙයි

විකිණීමට ටෙන්ඩර් කැඳවුණු පාර්ලිමේන්තුවේ සුපිරි වාහන තක්සේරු කළ මිලට ගැනීමට මේ දක්වා නිසි ගැනුම්කරුවන් ඉදිරිපත්ව නොමැති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් කියා සිටියේ ගැනුම්කරුවන් කිහිපදෙනෙක් ඉදිරිපත්ව ඇතත් ඒ සියලු දෙනා තක්සේරු කළ මිලට වඩා අඩු මිල ගණනක් ඉදිරිපත් කර ඇති බවයි.

පාර්ලිමේන්තු තක්සේරු කළ මිලට එම වාහන ගැනීමට ඉදිරිපත් නොවුණහොත් යළි ටෙන්ඩර් කැඳවීමට සිදුවන බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.

මෙලෙස විකිණීමට ටෙන්ඩර් කැඳවා ඇත්තේ පාර්ලිමේන්තුවේ සභා නායක ලේකම් කාර්යාලයට අයත් V8 සහ මිට්සුබිසි මොන්ටෙරෝ ජීප් රථ දෙකකි.

පාර්ලිමේන්තුවේ ඇති සෙසු සුපිරි වාහන ද ඉදිරි දිනවල වෙන්දේසි කිරීමට නියමිත බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *