Loading...

කමිඳු සහ එෂාන්ව සන්රයිසස් රඳවා ගනිද්දී මතීෂ සහ දසුන් ගැනත් තීන්දුවක් ගනී

සන්රයිස්ස් හයිද්‍රබාද් කණ්ඩායම ලබන වසරේ IPL තරඟාවලිය සඳහා කමිඳු මෙන්ඩිස් සහ එෂාන් මාලිංග තම කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව පැට් කමින්ස්, ට්‍රැවිස් හෙඩ්, අභිෂේක් ෂර්මා වැනි ක්‍රීඩකයින් රැසක් එම කණ්ඩායමේ රඳවා ගැනීමට තීරණය කර ඇති බව සඳහන්.

හයිද්‍රබාද් කණ්ඩායමේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෑත කාලීන තරඟාවලිවල ඔවුන්ගේ දක්ෂතා මත මෙම රඳවා ගැනීම් සහ ඉවත් කිරීම් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් එම කණ්ඩායමෙන් තවත් ක්‍රීඩකයින් පිරිසක් ද නිදහස් කර තිබෙනවා.

ඒ අතර මොහොමඩ් ෂාමි, ඇඩම් සම්පා, රාහුල් චාහාර්, වියාන් මෝල්ඩර්, අභිනව් මනෝහර්, ආතර්වා ටයිඩේ, සචින් බේබි වැනි ක්‍රීඩකයින් සිතන බව සඳහන්.

මේ අතර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ලබන වසරේ IPL තරඟාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ යවන ක්‍රීඩක මතීෂ පතිරණ තම සංචිතයෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.

2023 IPL තරඟාවලියට පෙර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම විසින් ඔහුව මිලදී ගෙන පසුගිය වසරේ ඔහුව රුපියල් කෝටි 13කට රඳවා තබා ගැනීමක් සිදුකර තිබියදීත් මෙම පියවර ගෙන ඇති බවද විදෙස් ක්‍රීඩා මාධ්‍ය කරනවා.

2023 IPL තරඟාවලියේ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සහ 140කට වැඩි වේගයක් සටහන් කර තිබුණා.

තවද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ශූරතාව දිනාගත් වසරේ දී කඩුලු 19ක් දවා ගැනීමට ඔහු සමත් වුණා.

චෙන්නායි ප්‍රධාන පුහුණුකරු ස්ටීවින් ෆ්ලෙමින් ඉඟි කර තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදු කරන වෙනස්කම්වලින් ඔහුගේ ක්‍රීඩාවට බලපෑම් එල්ල වීම හේතුවෙන් මතීෂ පතිරණගේ මුදා හැරීමට හේතුව වන්නට ඇති බවයි.

කෙසේ වෙතත් දෙසැම්බර් 16 වනදා දින අබුඩාබි හි පැවැත්වෙන වෙන්දේසියේ දී ඔහු නැවත මිලදී ගැනීම සම්බන්ධව CSK කණ්ඩායම සලකා බලනු ඇති බව අපේක්ෂා කරන බවද වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් නිදහස් කර තිබෙනවා.

ඒ අනුව ඔහු ද මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා යොමු කරනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *