මහනුවර නගරයේ පවතින භූගත උමං මාර්ග ඔස්සේ පාර හරහා මාරු නොවන පදිකයින්ට එරෙහිව ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.
මහනුවර නගරයේ මාර්ග නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඒ මහතා මෙහිදී කියා සිටියේ පදිකයින්ට බාධා වන අයුරින් ඉදිකර ඇති මල් වෙළෙඳසැල් පවත්වාගෙන යන ස්ථාන සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
“අපි පහුගිය දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේදී තීරණයක් ගත්තා භූගත මාර්ග ක්‍රියාකාරීව භාවිත වෙන්නේ නෑ. අපේ නිරීක්ෂණයට අනුව එහෙම භාවිත නොවන ප්‍රධානම හේතුව තමයි දිගටම පාර දෙපැත්තේ තියෙනවා මල් විකුණන අලෙවි සැල්. ඒ නිසා මාර්ගය අවහිර වෙලා තියෙනවා. ඉතින් අපි තීරණය කළා ඇවිල්ලා ස්වාමීන් වහන්සේලාට දැනුම්දීලා, මේ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග ගැන තීරණයක් ගන්න. එහිදි ප්‍රධාන වශයෙන් කරුණු තුනක් ගැන අවධානය යොමු වුණා. එකක් තමා මාර්ගය අයිති මාර්ග සංවර්ධන අධිකාරියට, ඒ කියන්නේ පදිකයින්ට කිසිදු අපහසුතාවයක් නොමැතිව තමන්ගේ ගමන යන්න තියෙන්න ඕනේ. දෙක මල් විකුණන අයගේ ජීවනෝපායට හානියක් නොවන පරිදි අපේ විසඳුම බලපැවැත්වෙන්න ඕනේ.
උමං මාර්ගයේ තියෙනවා තව කඩ කිහිපයක් ඉතිරි වෙලා. ඒ කඩවල් ප්‍රමාණය විශාලයි. ඒ නිසා අපිට පුළුවන් එක කඩේක දෙන්නෙක්ට ඉඩ ලබාදෙන්න. අපි දින වකවානු දෙනවා. ඒ දින වකවානුවලින් පස්සේ, මල් අලෙවිකරුවන්ට ඒ උමං මාර්ගයේ තියෙන කඩ පාවිච්චි කරන්න පුළුවන් ඒ අවශ්‍ය මුදල ගෙවලා. දෙවැනි දේ තමා අපි ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ඇතිව පාර හරහා මාරුවන පදිකයින් අනිවාර්යයෙන්ම භූගත උමං මාර්ග පාවිච්චි කළ යුතුයි. එහෙම පාවිච්චි නොකරන අයට මුලදි අවවාද කාලයක් අපි දෙනවා. ඊට පස්සේ නීතිය ක්‍රියාත්මක කරනවා. එයට අදාළ අනුමැතිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙන් ගන්න බලාපොරෙත්තු වෙනවා.”








Leave a Reply