Loading...

ලංකාවේ සමස්ථ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 100 පනී

ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 100ක් ඉක්මවා ගොස් තිබෙනවා.

මේ බව හෙළිව ඇත්තේ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද 2024 පළමු කාර්තුවට අදාළ ණය වාර්තාවෙනි.

එහි සඳහන්ව ඇති ආකාරයට 2024 මාර්තු 31 දින වන විට ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු සමස්ථ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 100.18ක් වනවා.

බිලියන 57.28ක වටිනාකමකින් යුත් දේශීය ණය, ඩොලර් බිලියන 37.04ක විදේශීය ණය සහ ඩොලර් බිලියන 5.86ක සහතික කරන ලද ණය අන්තර්ගත බවද මෙම වාර්තාවේ සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *