Loading...

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය

ලෝකයේ සිදුවන පරිවර්තනයන්ට වඩාත් අත්‍යවශ්‍ය සහ ප්‍රතිචාරාත්මක සංවිධානයක් බවට පත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ අර්ථවත් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලු සහාය ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරය අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය හවුල්කරුවෙකු වන බවයි.

සමකාලීන ගෝලීය යථාර්ථයන් සැබවින්ම පිළිබිඹු වන පරිදි එක්සත් ජාතීන්ගේ පද්ධතිය ශක්තිමත් කිරීමේ ඇති වැදගත්කම ද ඔහු මෙහිදී විශේෂයෙන්ම අවධාරණය කර සිටියා.

එමෙන්ම නැගී එන ජාත්‍යන්තර අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා එහි ආයතන වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක වන බව සහතික කිරීමේ වැදගත්කම ද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *