ශ්‍රී ලංකා මුහුදු සීමාවට ලබන වසරේ සිට පර්යේෂණ නෞකා සඳහා තහනම් නොකරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ජපාන මාධ්‍යයක් සමඟ සාකච්ඡාවකදීයි.
චීන පර්යේෂණ නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීම සම්බන්ධව කළ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ භාවිතයට නොගත් සමුද්‍ර සම්පත් ශ්‍රී ලංකාව සතුව ඇති බවත්, පර්යේෂණ අත්‍යවශ්‍ය බවත් නමුත් එය විනිවිදභාවයෙන් යුතුව කළ යුතු බවයි.
මේ අතර ශ්‍රී ලංකාව පසුගිය ජනවාරි මාසයේ සිට වසරක කාලයක් සඳහා විදේශීය පර්යේෂණ නෞකා සඳහා සිය මුහුදු කලාපයට ඇතුලු වීම තහනම් කරනු ලැබුවා.
Leave a Reply