සයිබර් අපරාධ විමර්ශනය සහ කෘතීම බුද්ධිය පිළිබඳව විශේෂිත පාඨමාලාවක් සඳහා ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරීන් 20 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවට ගොස් තිබෙනවා.
ඉන්දියාවේ හයිද්‍රාබාද් Central Detective Training Institute (CTDI) ආයතනයේ දී ඔවුන්ට මෙම පුහුණුව ලබාදී ඇති බවයි.
අදාළ මේ මස 03 වනදා ඉන්දියාව බලා පිටත්ව ගොස්ව තිබෙනවා.
එම කණ්ඩායමට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 02ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 17 දෙනෙක් ඇතුළත්.
ඔවුන් ලබන 16 වන සෙනසුරාදා යළි දිවයිනට පැමිණීමට නියමිතයි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් යටතේ මෙම කණ්ඩායම අදාළ පාඨමාලාවට සඳහා ද එක්ව තිබෙනවා.
Leave a Reply