Loading...

මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් වෛද්‍ය කණ්ඩායමක් යවන්න සුදානමක්

භූ කම්පනයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට මෙරට වෛද්‍ය කණ්ඩායමක් මියන්මාරයට යැවීමට සුදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මියන්මාර රජය දැනුම් දුන් පසු අදාළ වෛද්‍ය කණ්ඩායම පිටත්කර හැරීමට සූදානම් බවයි.

කළුතර ප්‍රදේශයේ දී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“මියන්මාරයට අවශ්‍ය කරන බෙහෙත් ඇතුළු සෞඛ්‍ය උපකරණ, ඒ වගේම අවශ්‍ය වෙනත් ද්‍රව්‍ය ලබාදීමට දැන් රජය මැදිහත් වෙලා කටයුතු සුදානම් කරගෙන යනවා. ඒ වගේම මේ වෙලාවේ භූමිකම්පාවෙන් විපතට පත්වූවාට පසුව, ඔවුන්ට වෛද්‍ය සහාය අවශ්‍ය කරනවා.

ඒ අනුව අපි මෙවැනි අවස්ථාවලදී අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙකු සහිතව වෛද්‍ය හෙද සෞඛ්‍ය කණ්ඩායමක් දැනටමත් සුදානම් කරලා තියෙන්නේ. මෙය අපි විශේෂ කටයුතු අමාත්‍යාංශය හරහා මියන්මාර තානාපති කාර්යාලයට දැනුම් දුන්නා.

ඔවුන් කිව්වා සුදානම් කර තබාගන්න අවශ්‍ය වූ වහාම ඒ බව දැනුම් දෙන බව. ඒ අනුව පණිවුඩයක් ලැබෙන තුරු අවශ්‍ය සහාය ලබාදීමට බලාපොරොත්තුව ඉන්නවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *