ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.
2024 වසරේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම සම්බන්ධව සිදු කරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වසරේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මඟින් මෙම නම් කිරීම සිදුකර ඇති බව වාර්තා වනවා.
ආර්ථික විද්‍යාව සහ සාමය සඳහා වූ ජාත්‍යන්තර ආයතනය විසින් ත්‍රස්තවාදයේ බලපෑම මත රටවල් ශ්‍රේණිගත කිරීම මෙම ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මඟින් සිදුකර තිබෙනවා.
ලෝක ජනගහණයෙන් 99.7%ක ආවරණය වන පරිදි රටවල් 163ක් සඳහා ත්‍රස්තවාදයේ බලපෑම විශ්ලේෂණය කරමින් අදාළ දර්ශකය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.
මේ අනුව ලෝකයේ වැඩිම ත්‍රස්තවාදී අවදානමක් ඇති රට ලෙස බර්කිනාෆාසෝ අදාළ ලැයිස්තුවේ පෙරමුණේ පසුවන අතර එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ පාකිස්ථානයයි.
සිරියාව ත්‍රස්තවාදී අවදානම වැඩිම රටවල් අතර තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
අදාළ දර්ශකයට අනුව අඩුම ත්‍රස්තවාදී අවදානමක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවට ගෝලීය ත්‍රස්තවාදී දර්ශකයේ සියවන ස්ථානය හිමිව ඇති බව සඳහන්.
2023 වසරේ මෙම දර්ශකයේ 36 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව ස්ථාන 64කින් පහළට ගිය අතර දකුණු ආසියානු කලාපයේ ත්‍රස්ත තර්ජන අඩුවීම අතින් වඩාත් දියුණුම රට ලෙස ද ප්‍රකාශයට පත්කර තිබෙනවා.
Leave a Reply