සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාවට විශේෂ දුම්රිය සේවා අද (11) සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කියා සිටියේ මේ සඳහා විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක් කෙරෙන බවයි.
මේ අනුව කොළඹ කොටුව සිට බදුල්ල බලා අද (11) රාත්‍රී 7.30ට විශේෂ දුම්රියක් ධාවනය කරන අතර ඊට සමගාමීව බදුල්ලේ සිට කොළඹ කොටුව බලා එක් දුම්රියක් පැමිණීමට නියමිතයි.
ඊට අමතරව කොළඹ කොටුව සිට ගාල්ල දක්වා අද (11) රාත්‍රී 7.20ට විශේෂ දුම්රිය ධාවනය කෙරෙනවා.
තවද ගාල්ලේ සිට කොළඹ කොටුව බලා දුම්රියක් පැමිණීමට නියමිතයි.
මේ අතර අද (11) පෙරවරුවේ දී කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රියක් ධාවනය වූ අතර එය නැවත 18 වනදා ආපසු පැමිණීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මෙම විශේෂ දුම්රිය 10 මගින් අවුරුදු සමයේ සහ දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ ගමන්වාර 31ක් ධාවනය කෙරෙන බවද දුම්රිය සාමාන්‍යධිකාරී සඳහන් කළා.
මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය කියා සිටියේ ගම්බිම් බලා යන ජනතාවගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රමාණවත් පරිදි බස් රථ යෙදවීමට අද (11) දිනයෙත් කටයුතු කරන බවයි.
Leave a Reply