Loading...

ප්‍රදේශ කිහිපයක ආරම්භ කර ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව

රාගම කඳාන සහ වත්තල යන ප්‍රදේශවල ආරම්භ කළ විශේෂ සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරමින් පවතින බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

ආරක්ෂක අංශ විසින් ඊයේ (04) රාත්‍රියේ සිට මෙම ප්‍රදේශවල අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබුණා.

මේ අනුව අදාළ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

පසුගිය දින කිහිපය තුළ රාගම සහ කඳාන යන ප්‍රදේශවලින් වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වූ අතර එහිදී පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබුණා.

ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ මේ හේතුවෙන් එම ප්‍රදේශවල ආරක්ෂාව තර කරමින් විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කිරීමටයි.

මේ සඳහා පොලීසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්වුණා.

මේ අතර ඊයේ (04) රාත්‍රියේ පමණක් සිදුකළ මෙහෙයුම්වලදී සැකපිට පුද්ගලයින් 300ක් පමණ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන්ගෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර ප්‍රකාශ සටහන් කරමින් පවතින බවද වාර්තා වනවා.

මෑතකදී සිදුවූ සිද්ධීන් කිහිපයකට අමතරව රාගම, කඳාන, වත්තල සහ තදාසන්න ප්‍රදේශවල වෙඩි තැබීමේ සිද්ධීන් ගණනාවක් වාර්තා වූ අතර පාතාල ක්‍රියාකාරම් කිහිපයක් ද ඉහළ ගොස් තිබුණා.

තවද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අදාළ ප්‍රදේශවල කේන්ද්‍ර කරගනිමින් තමන්ගේ ව්‍යාපාර සිදුකරගෙන යන බවට පොලීසිය මෙන්ම ආරක්ෂක අංශවලට තොරතුරු වාර්තා වුණා.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අදාළ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරමින් මෙම මෙහෙයුම් සිදු කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *