Loading...

ණය නිසා දුෂ්කාරතාවයන්ට මුහුණ දීපු අයට රජයෙන් විශේෂ සහනයක්

ණය ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකන්ට සහන සැලසීම සඳහා රජය විසින් විශේෂ සහන පැකේජයක් සැලසුම් කර තිබෙනවා.

මෙම සහන පැකේජය ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා බැංකු සංගමය, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ නියෝජිතයන් සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහතික කරමින් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර කටයුතු සඳහා සහන සැලසීම සඳහා දිගු කාලීන දැක්මක් සහිතව සකස් කර ඇති බව වාර්තා වනවා.

මේ අනුව බලපත්‍රලාභී බැංකුවකින් ණය පහසුකමක් ලබාගෙන 2019.04.01 දින හෝ ඉන් පසුව අදියර 3 (අක්‍රිය ණය) කාණ්ඩය යටතේ වර්ගීකරණය කර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අවශ්‍ය සියලුම ලියකියවිලි සමඟින්, 2025.03.31 හෝ ඊට පෙර අදාළ සහන බැංකු ඒකකය සමග සාකච්ඡා ආරම්භ කරන්නේ නම්, එම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් යෝජිත සහන පැකේජය සඳහා ඇතුළත් වීමට සුදුසුකම් ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *