Loading...

මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දීය රජයෙන් විශේෂ නිල නිවේදනයක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ඉන්දියාව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මස 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇති බවයි.

අදාළ සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

මෙරට රැඳී සිටින කාලය තුළදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට සහ ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිතව ඇති.

තවද මෙම සංචාරය තුළදී දෙරට අතර අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට ද නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ මෙම සංචාරය සඳහා ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජාතික ආරක්ෂක උපදේශකවරයා, ඉන්දීය විදේශ ලේකම්වරයා සහ ඉන්දීය රජයේ තවත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගීවීමට නියමිත බවද එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *