Loading...

“සිරි දළදා වන්දනාව” සඳහා පැමිණෙන අයට විශේෂ දැනුම් දීමක්

පසුගිය 18 වනදා ආරම්භ වූ “සිරි දළදා වන්දනාව” ඊයේ (19) දිනය වන විට එක්ලක්ෂ විසි දහසකට අධික බැතිමතුන් ප්‍රමාණයක් වන්දනාමාන කරගෙන ඇති බව වාර්තා වනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසන්නේ අද (20) “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීම සඳහා ඊයේ (19) රාත්‍රී 9ට පමණ 50000කට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවර නගර වෙත පැමිණ ඇති බවයි.

අද (20) උදෑසන වන විට එම ප්‍රමාණයක් පැමිණෙනු ඇති බවට පොලීසිය අපේක්ෂා කරනු ලබනවා.

තවද අද (20) සතිඅන්ත දිනයක් බැවින් දහවල් කාලය වන විට මෙම ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

මේ අනුව අද (20) හැර තවත් දින 7ක කාලයක් “සිරි දළදා වන්දනාව’’ සිදු කර ගැනීමට හැකියාව ඇති හෙයින් අද දින මගහැර ඉදිරි දිනයක් යොදා ගැනීමට කටයුතු කිරීම මගින් බැතිමතුන්ට පහසුවෙන් වන්දනාමාන කර ගැනීමට හැකියාව පවතින බවද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Media-on-2025.04.19-at-2140-සිරි-දළදා-වන්දනාව-වෙනුවෙන්-බැතිමතුන්ගේ-පැමිණිමේ-වර්ධනයක්

Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *