Loading...

මාතර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විශේෂ දැනුම් දීමක්

හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් හෙට (25) දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය පවසනවා.

එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් කැළුම් කුඩාගමගේ මහතා කියා සිටියේ හෙට (25) දිනයේ ගංවතුර තත්ත්වයක් පැවතුණහොත් උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සිය විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය නාවික හමුදා බෝට්ටු, ට්‍රැක්ටර් හා යුද හමුදා යුනිබෆර් රථ මෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය සභා සතුව පවතින බෝට්ටු හා ට්‍රැක්ටර් රථද අවශ්‍ය පරදි යෙදවීමට සුදානම් කොට ඇති බවයි.

තවද කිසියම් ආපදා තත්ත්වයක් හමුවේ විභාගය සඳහා ගමන් කිරීමට ගැටළුවක් ඇත්තේ නම් පැය 24 පුරාම ක්‍රියාත්මක 0412 234 134 දුරකථන අංකයට ඇමතුමක් ලබාදීම අවශ්‍ය සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙසද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් ඊයේ (23) රාත්‍රියේ සිට අද (24) පස්වරු 4 දක්වා කාලය තුළදී මාතර දිස්ත්‍රික්කයේ කිසිඳු ප්‍රදේශයකට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *