Loading...

පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම් දීමක්

10 වන පාර්ලිමේන්තු සමාරම්භක රැස්වීම සඳහා බ්‍රහස්පතින්දා (21) පෙරවරු 9 වන විට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසනවා.

බ්‍රහස්පතින්දා පෙරවරු 10ට 10 වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු මහලේකම්වරිය කියා සිටියේ පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසුව මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමු කරන බවත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ඝන පුර්ණ සීනුව නාද කර තුරු එහි රැදී සිටිය යුතු බවත්ය.

මෙලෙස පැමිණෙන මන්ත්‍රීවරුන් ඔවුන්ගේ කාලත්‍රයා සමඟ පැමිණෙනවා නම් පාර්ලිමේන්තුවේ කාර්යය මණ්ඩල ප්‍රවේශ ද්වාරය අසලදී සිය රථ වාහනවලින් බැසිය යුතු අතර අනෙක් මන්ත්‍රීවරුන් මන්ත්‍රී ප්‍රවේශ ද්වාරය අසලදී සිය රථවලින් බැසිය යුතු වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *