‘සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණීමේ දී විශාල ප්‍රමාණයේ ගමන් මළු රැගෙන ඒමෙන් වළකින ලෙස යුද්ධ හමුදා මුලස්ථානය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ පෙර දැනුම්දීම් සිදුකළ ද ඒ පිලිබඳව නිසි අවධානයක් යොමුව නොමැති බවට නිරික්ෂණය වන බවයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සහ නවාතැන් පහසුකම් සැපයීම යන කරුණු සම්බන්ධව සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදු කරන බව යුද්ධ හමුදා මුලස්ථානය පවසනවා.
සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දළදා මාළිගය අවට පරිශ්‍රයේ විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව යුද්ධ හමුදා මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply