Loading...

අද – හෙට සහ අනිද්දා බස් ධාවනය ගැන විශේෂ දැනුම් දීමක්

මඟී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (15) දිනයේ සිට බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

එම සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය කියා සිටියේ සාමාන්‍ය කාල සටහන යටතේ අද (15) සහ හෙට (16) බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

අනිද්දා දින සිට ගම්බිම් බලා ගිය මඟී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවද අධ්‍යක්ෂවරිය සඳහන් කරනවා.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ අද (15) සාමාන්‍ය කාර්යාල දිනයක් බැවින් කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ මගී අවශ්‍යතාව මත අදාළ දුම්රියන් ධාවනය සඳහා එක්කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *