Loading...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

2023 / 2024 තක්සේරු වසර සඳහා ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද (30) බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ වාර්තා මාර්ගගත ක්‍රමයට පමණක් ලබාගන්නා අතර ඒ සඳහා තාක්ෂණික සහාය ලබාදීම සඳහා දේශීය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලය හා නගර කාර්යාල සාමාන්‍ය රාජකාරී දිනයක් මෙන්ම අද (30) දින විවෘතව පවතින බවයි.

ඊට අමතරව බදු ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ හා ජාවත්ත කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ලංකා බැංකු ශාඛාව ද විවෘතව තබන බවද දේශීය ආදායම් දෙපර්තමෙන්තුව දැනුම් දෙනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *