Loading...

උත්සව සමයේ විශේෂ බස් සේවාවෙන් ලංගමට ආදායම ඉහළට

සිංහල හා දෙමළ අවුරුදු සමයේ දී ක්‍රියාත්මක බස් සේවාව හරහා සිය දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරන්නේ උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් එම මණ්ඩලය පසුගිය 5 වනදා සිට අතිරේක බස් රථ 200ක් පමණ ධාවනයට එක්කරමින් විශේෂ සේවාවක් ආරම්භ කර ඇති බවයි.

මේ හරහා අද වන විට ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් මිලියන 25කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ප්‍රමාණවත් පරිදි දුර ගමන් සේවා බස් රථ නොමැති වීම හේතුවෙන් පිටකොටුව බැස්ටියන් මාවත හා මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණි තමන් දැඩි අපහසුතාවට පත්වූ බව මඟින් චෝදනා කරනු ලැබුවා.

ඊට ප්‍රතිචාර ලෙස එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේ ප්‍රමාණවත් පදිරි බස් රථ නොමැති බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *