Loading...

ඉන්ධන සැපයුම ගැන විශේෂ නිවේදනයක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධන හල් මඟින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සිදු කරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග ආනයනය කර ප්‍රධාන පර්යන්ත හරහා ගබඩාවල ප්‍රමාණවත් සංචිත පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවයි.

ඉන්ධන තොග පවත්වාගෙන යාම සම්බන්ධව සියළු ඉන්ධනහල් හිමියන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

තවද බෙදුම්කරුවන්ගේ ඉන්ධන ඇනවුම් ක්‍රියාවලිය පහසුකරලීම සඳහා තෙල් සංස්ථාව ලබන 15 වන දින දක්වා චෙක්පත් මඟින් ගණුදෙනු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *