සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන සහ නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්‍ය පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා එල්ල කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෙස ඉල්ලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනූජ් සී. වීරසිංහ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා, “දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අපේ ඖෂධ සැපයුම් ජාලයටත් ඒ ආයතනවලටත් පුද්ගලයින්ටත් පොදුවේ රජයටත් අවලාද නගමින් ඉන්නවා මේ ටිකේ, පහුගිය සති කිහිපය තුළම විවිධ චෝදනා, අභූත චෝදනා, වැරදි සමාජගත කරමින්.
ඒකෙන් ඇත්තටම වෙලා තියෙන්නෙ සෑහෙන ගැටලුවක්. මොකද රජයේ සෞඛ්‍ය පද්ධතිය පිරිහීමකට ලක්කිරීමට හෝ එය කඩාකප්පල් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවාද කියන සැකයත් අපට මතුවෙනවා මේ දිගින් දිගටම කරන අවලාද නිසා.
ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කරන්න අවශ්‍ය පැමිණිල්ල තමයි අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළේ.
අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් අවශ්‍ය කටයුතු කරලා නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙයි කියලා”
Leave a Reply