දකුණු කොරියානු පාර්ලිමේන්තුව විසින් යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට කොරියානු ජනාධිපති යුන් සුක් යොයෝල් (Yoon Suk Yeol) ගෙන ඇති තීරණය ඉවත් කිරීමට ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 300න් 190 දෙනෙක් මෙම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක්ව සිට ඇති බවද සඳහන්.
එහිදී ඔවුන් සියලු දෙනා දකුණු කොරියානු ජනාධිපති යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
රුපවාහිනී දේශනයක් අතරතුරදී ජනාධිපතිවරයා මෙම තීරණය දැනුම් දුන් අතර එහිදී ඔහු කියා සිටියේ උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේගවලින් රට ආරක්ෂා කිරීම සහ රාජ්‍ය විරෝධී කොටස් තුරන් කිරීමට මෙම පියවර අවශ්‍ය බවයි.
Leave a Reply