Loading...

දකුණු කොරියානු ජනාධිපති අත්අඩංගුවට

දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බව කොරියානු දුෂණ විරෝධී ඒජන්සිය පවසනවා.

ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ විමර්ශන නිලධාරීන් මෙම මස මුලදී ඔහු අත්අඩංගුවට ගැනීමට ගත් පළමු උත්සාහය ද අසාර්ථක වීමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

ඊයේ (14) දකුණු කොරියානු ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය මඟින් ඔහුගේ වරෙන්තුව දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණා.

දෙසැම්බර් මසදී යුද නීතිය පැනවීම, රට තුළ කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ කිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ නිල නිවාස ඉදිරිපිට ජනතාව රැස්වී ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුකළ බාධා නොතකමින් මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *