මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ථ සුර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීමේ මෙගාවොට් 1000 ඉක්මවීමට හැකි වී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.
අමාත්‍යාංශය සඳහන් කරන්නේ වහළය මත සුර්ය පැනල මඟින් මෙගාවොට් 944ක් සහ බිම්ගත සුර්ය පැනල මඟින් මෙගාවොට් 156ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බවයි.
මේ වර්ෂය අවසන් වන විට වහළය මත සුර්ය පැනල මඟින් පමණක් මෙගාවොට් 1000ක් ඉක්මවූ විදුලි උත්පාදනයක් ජාතික පද්ධතියට එකතු කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මණ්ඩලය විසින් දීර්ඝ කාලීන උත්පාදන සැලසුම අනුව ඉදිරි වසර 4 තුළ සෑම වසරකම වහළය මත සුර්ය පැනල මගින් මෙගාවොට් 150 බැගින් ජාතික පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන්.
බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ මේ වසරේ පළමු මාස 5 තුළ පමණක් වහලය මත සුර්ය පැනල මඟින් මෙගාවොට් 132ක් ජාතික පද්ධතියට එකතු කිරීමට හැකි වී ඇති බවයි.
Leave a Reply