Loading...

SM රංජිත් බන්ධනාගාර මුද්‍රණ අංශයේ සේවයට

වැලිකඩ බන්ධනාගාරයේ වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් විඳින උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා එම බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයට යොදවා ඇති බව වාර්තා වනවා.

මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසුවේ හිටපු මහ ඇමතිවරයා සිරගත කළ චෝදනාවටම සිරදඬුවම් ලැබූ ඒ මහතාගේ ඥාතිවරිය වැලිකඩ බන්ධනාගාරයේම කාන්තා අංශයේ රඳවා සිටින බවයි.

ඇය මේ දක්වා කිසිඳු වැඩකට යොමුකර නොමැති බවද ඒ මහතා සඳහන් කරනවා.

ඔහු ප්‍රකාශ කරන්නේ වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සිරදඬුවම් විඳින විදේශිකයන් වැඩි පිරිසක් සේවය කරන බවත් පොත් බැඳීම, ලිපි ගොනු සෑදීම ආදී වැඩ රැසක් කිරීමේ අවස්ථාව උදාවන බවත්ය.

කෙසේ වෙතත් මහාධිකරණයෙන් දුන් සිරදඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කළ පසු ඔහුව මුද්‍රණ අංශයේ රාජකාරවලින් ඉවත් කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *