එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයෝ පිරිසක් අතර හමුවක් සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ මෙහිදී පළාත් පාලන මැතිවරණයේ දී නාම යෝජනා භාරදීම පිළිබඳව සාකච්ඡා කළ බවයි.
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා ලබාදුන් අපේක්ෂකයන් මියයාම, විදේශ ගත වීම හා පක්ෂයෙන් ඉවත් වීම වැනි කරුණු ඇති තිබෙන හෙයින් ඒවාට ගත හැකි විසඳුම් සම්බන්ධව සාකච්ඡා කළ බවද ඔහු සඳහන් කළා.
පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ලබන මස මැතිවරණය පැවැත්වීම සම්බන්ධව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති හෙයින් ඉතා ඉක්මණින්ම පොහොට්ටුවේ ප්‍රතිසන්ධාන කටයුතු ආරම්භ කර ජයග්‍රාහී ලෙස මැතිවරණයට මුහුණ දෙන බවයි.
Leave a Reply