කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 6 දෙනෙක් ඝාතනය කිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ෆෙබ්‍රියෝ ද සිල්වාගේ Youtube ගිණුම අත්හිටුවීමට පියවර ගත් බව ගූගල් සමාගමේ ප්‍රකාශකයෙක් පවසනවා.
එම සමාගමේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ ඔටාවා හිදී සිදුවූ ඛේදජනක ඝාතනයෙන් පසු Youtube සමාගමේ මාර්ගෝපදේශයන්ට අනුව ආරක්ෂක සහ විශ්වසනීත්වය උදෙසා සැකකරු පවත්වාගෙන ගිය එම චැනලය අත්හිටුවීම සිදුකර ඇති බවයි.
මේ අතර කැනඩාවේ, ඔටාවාහී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය ඊයේ (14) යළිත් කැඳවා තිබෙනවා.
Leave a Reply