චීනයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක රැකියා කප්පාදුව සහ වැටුප් කප්පාදු කිරීම සම්බන්ධයෙන් විවිධ පුවත් නිරන්තරයෙන් වාර්තා වනවා.
අන්තර්ජාතික මාධ්‍ය පවසන්නේ චීනයේ ආර්ථිකය අවපාතය වාර්තා ගත ලෙස ඉහළ යමින් ඇති බවයි.
රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවක හිඟ වැටුප් පවත්වාගෙන යාම, සේවක කප්පාදු සිදු කරමින් ඇති පසුබිමක මෙම ගැටළු මුල්‍ය හා බැංකු පද්ධතියට ද බලපාන බවයි හොංකොං පොස්ට් පවසන්නේ.
සේවකයන් ගෙවිය යුතු වැටුප් ලබා නොදී සේවකයන් පහකිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වී ඇති බවද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.
මාධ්‍ය චීනයේ ඇතැම් බැංකු ගිණුම් හිමියන්ට තම මුදල් ආපසු ගැනීමට නොහැකි වී ඇති තත්ත්වයක් උදාවී තිබෙනවා.
මේ අතර චීනයේ බොහෝ බැංකු සහ සුරැකුම්පත් ආයතන සහ සමාගම් සේවක වැටුප් කප්පාදු කර ඇති බවද වාර්තා වනවා.
චීනයේ සමහර සමාගම්වල ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සේවයෙන් ඉල්ලා අස්වීමේ ප්‍රවණතාවක් මතුව තිබෙන බව සඳහන් කරන ඇතැම් මාධ්‍ය වාර්තා එරට ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින් පෙන්වා දෙන්නේ වැටුප් කප්පාදුව ආර්ථික අවපාතයක නොවැළැක්විය හැකි ප්‍රතිවිපාකයක් වනු ඇති බවත්ය.
තවද එරට ආර්ථිකයේ විශාල බරක් දරන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරන බවද එම විශේෂඥයින් පෙන්වා දෙනවා..
Leave a Reply