වේප් හෙවත් ඉලෙක්ට්‍රොනික (ඊ) සිගරට්ටුව නීතිවිරෝධී බවට මුදල් කාරක සභාවේදී අනාවරණය වුණා.
සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ එය නියාමනය සඳහා මේ වන විට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.
ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ අතර සිගරට් සඳහා පනවා ඇති ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වනදා සිට 45%ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
මුදල් කාරක සභාවේදී අදහස් දක්වමින් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මහතා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේ ලංකාවේ සිගරට් බද්ද කැපී පෙනන ලෙස අඩුවන බවක් පෙනී ඇති බවයි.
තවද දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට ගත් පියවරයන් සාධාරණිකරණය කරන ලෙස ද ඔහු මෙහිදී උපදෙස් ලබා දී ඇති බව සඳහන්.
ඊට පිළිතුරු ලබාදුන් ඒ මහතා,
“සුරාබදු, VAT, SSCL සහ බදු වර්ග කිහිපයක් තියෙනවා. දැනට 40%ක් තියෙන ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වනදා සිට 45%ක් දක්වා වැඩිවෙනවා. 2018 වගේ සිගරට් විකුණුම බිලියන 3.1ක්. ඒක තමා අඩුවෙලා තියෙන්නේ බිලියන 2ක් වගේ.”
ප්‍රශ්නය – සිගරට් එකක ගෝලීය මිණුම් ලකුණ කුමක් ද ? 75%ක් කියලා තමා මෙතෙන තියෙන්නේ.”
“සභාපතිතුමා මේකේ රජය සහ සමාගම අතර මිල තීරණය කරන්න ක්‍රමයක් නෑ දැනට. අපි බද්ද දැම්මට මිල තීරණය කරන්නේ ආයතනය. ඒ හේතුව නිසා මේ ගෝලීය මිණුමට අපිට යන්න බැරිවෙලා තියෙන්නේ. 66% – 71% වගේ මට්ටමක අපි ඉන්නේ.”
ප්‍රශ්නය – අපි 2015 – 2019 වෙනකල් ඉඳලා තියෙනවා. 2021 අපි එතැන ඉඳලා තියෙනවා.
වේප් (ඉලෙක්ට්‍රොනික සිගරට්) නියාමනය වෙනවා ද ?
“ඒක නීතිවිරෝධීයි. අපි ඒක දැනගත්තහම අත්අඩංගුවට ගන්නවා.”
Leave a Reply