Loading...

මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රැසක් අඩු වෙන ලකුණු?

මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරනු ඇති බවට තොරතුරු වාර්තා වනවා.

2024 මහ මැතිවරණයෙන් තේරී පත් වූ සියලු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩමුළුවක් ලබන 25 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ නව මන්ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද සම්බන්ධව මෙම වැඩමුළුවේ දී පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසින් දැනුවත් කරනු ඇති බවයි.

මේ දක්වා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝලයක් ලබාදීම සිදු කෙරුණු අතර එම පහසුකම ඉවත් කිරීමට අවධානය යොමුව ඇති බව සඳහන්.

තවද සෑම මන්ත්‍රීවරයෙකුටම පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාව සැලසුණු අතර එයද බොහෝ දුරට ඉවත් කරනු ඇති.

ඊට අමතරව මන්ත්‍රීවරුන්ට මේ දක්වා හිමිවූ තීරු බදු රහිත වාහන බලපත්‍රය ද ඉවත් කිරීමට තීරණය කර ඇති බවද වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධ සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ කමිටුවක් පත් කරනු ලැබූ අතර වරප්‍රසාද සංශෝධනය කිරීමේ දී එම කමිටු යෝජනා ද සැලකිල්ලට ගැනීමට නියමිතව තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *