ලෝකයේ රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13000ක් පහළ ගොස් ඇති බව වාර්තා වනවා.
වෙළෙඳපොල වාර්තා පෙන්වා දෙන්නේ අද (04) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 376500ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
එය ඊයේ (03) දැක්වුණේ රුපියල් 388500ක් ලෙසයි.
මේ අතර ඊයේ (03) රුපියල් 420000ක් ලෙස පැවැති කැරට් 24 රන් පවුමක මිල අද වන විට 407000ක් දක්වා පහත වැටී ඇති බවද වාර්තා වනවා.








Leave a Reply