අහුන්ගල්ලේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලද පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තා වනවා.
ඔහුගේ ඉන ප්‍රදේශයට වෙඩි වැදී ඇති අතර 28 හැවිරිදි ලක්ෂාන් මධුෂංක නැමැති අයෙක්ට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.
Leave a Reply