දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේ දී පසුගියදා තරුණයන් දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ (07) එම සැකකරුවන් ගන්දර පොලිස් ස්ථානයට නීතිඥවරුන් දෙදෙනෙක් සමඟ ඉදිරිපත් වීමෙන් පසුව අත්අඩංගුවට ගත් බවයි.
සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වෙඩික්කරු බවට හඳුනාගෙන ඇති බවද වාර්තා වනවා.
මනුෂ්‍ය හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 සහ අවුරුදු 35 වයස්වල පසුවන ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
මාර්තු 21 වන දින දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය පසුපස සිංහාසන මාර්ගයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණා.
Leave a Reply