ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය 3 වනදා කැලණිය ප්‍රදේශයේ ගංවතුර නරඹමින් සිටියදී ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වනවා.
දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනතා විරෝධය හමුවේ ඇය පැමිණි රථයේම ආපසු ගොස් ඇති බවයි.
පසුගිය දිනවල පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැළණි ගඟ පිටාර ගැලීමෙන් ඒ අවට ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් හටගෙන ගනු ලැබුවා.
ඇය පිලිපිටිය ප්‍රදේශයේ ඇතිව තිබෙන ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණයක නිරතව තිබෙනවා.
එහිදී එම ප්‍රදේශයේ ජනතාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය හඳුනාගෙන ඇති අතර “රටම විනාශ කළ පවුල දැන් ගංවතුර බලන්න ඇවිල්ලා” යැයි පවසමින් ඇයට විරෝධය දක්වා ඇති බව වාර්තා වනවා.
විරෝධය එල්ල වූ මොහොතේ දී ඇය ප්‍රකාශ කර ඇත්තේ තමා අවතැන්වූ පිරිසට උපකාර කිරීමට පැමිණි බවයි.
අදාළ අවස්ථාවේදී විරෝධය දැක්වූ පිරිස “රට සංවර්ධනය කිරීමේ අපූරුව මේ ගංවතුරෙන් පේනවා” යැයි පවසමින් කෑගසා තිබෙනවා.
මෙහිදී උණුසුම් තත්ත්වයක් ඇති වීමත් සමඟ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කඩිනමින් ඇයගේ ආරක්ෂකයින් විසින් පිරිස පැමිණ සුදු පැහැති වෑන් රථයෙන්ම නැගී පලා ගොස් ගිය බවට තොරතුරු වාර්තා වනවා.
ඇය එම ස්ථානයෙන් පලා යන අවස්ථාවේදී එහි සිටි පිරිස් හූ කියූ බවද අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
Leave a Reply