විදේශගතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (05) රාත්‍රියේ හදිසියේම නැවත දිවයිනට පැමිණ තිබෙනවා.
මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට පැමිණි මලයාසියානු ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඇය මෙලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වූ බවයි වාර්තා වන්නේ.
දිවයිනට පැමිණි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටවීම සඳහා විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන් කර ඇති ‘ගෝල්ඩ් රූට්’ (Gold Route) ප්‍රභූ පහසුකම භාවිත කර තිබීම විශේෂත්වයක්.
පසුගිය සැප්තැම්බර් මස 16 වැනි දින වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටි ඇයට, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මගින් සිදුකරනු ලබන විශේෂ විමර්ශනයකට අදාළව වහාම පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කලින් දැනුම්දී තිබුණා.
කෙසේ වෙතත්, ඊයේ දිනයේදී මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ සිය නීතිඥවරුන් මාර්ගයෙන් අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කරමින්, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් ඉල්ලා සිටීමෙන් අනතුරුවයි ඇය මෙලෙස රාත්‍රී කාලයේ දිවයිනට පැමිණ ඇත්තේ.







Leave a Reply