විදෙස්ගතව සිට ඊයේ (05) රාත්‍රියේ හදිසියේම දිවයිනට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට එළඹෙන ඔක්තෝබර් මස 13 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසිය විසින් දැනුම්දී තිබෙනවා.
මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට ඊයේ රාත්‍රියේ පැමිණි ගුවන් යානයකින් දිවයිනට ළඟා වූ ඇය, කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ අමුත්තන් සඳහා වූ ‘ගෝල්ඩ් රූට්’ පහසුකම භාවිත කරමින් පිටව ගොස් තිබුණා.
පසුගිය සැප්තැම්බර් මස 16 වැනි දින වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන්, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරනු ලබන පරීක්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි මීට පෙර දැනුම්දී තිබුණේ.
මේ අතර, ආන්දෝලනාත්මක “සිරිලිය සවිය” ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂිත ඇප අයැදුම්පත අද (06) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.
එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, අදාළ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලෙස නියෝග කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වෙත එළඹෙන ඔක්තෝබර් මස 12 වැනිදා අධිකරණයේ පෙනී සිටීම සඳහා නොතීසි නිකුත් කළා.






Leave a Reply