කිසිඳු අවස්ථාවක සමඟි ජන බලවේග පක්ෂයේ ලකුණින් සජිත් ප්‍රේමදාස මහතාට මැතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ නොදෙන බව අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා පවසනවා.
කොළඹ අද (10) පැවැත්වුණු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ ස්වාමි පුරුෂයා වන සේනක ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ සමඟි ජන බලවේග පක්ෂයේ බලය ඔවුන් ලබා ගන්නා බවයි.
“මේ පක්ෂයේ නායකයා හැටියට මම හිටියා. මම කිව්වා මම ඉල්ලා අස්වෙන්නම් කියලා. මම ඔබට නායකත්වය දෙන්නම් කියලා සජිත්ට කිව්වා. සභාපති ලෙස මම අත්සන් කරලා තියෙනවා.
ලේකම් හැටියට ඩයනා මහත්මිය අත්සන් කරලා තියෙනවා. ඊට යටින් තමා සජිත් ප්‍රේමදාසයි, රංජිත් මද්දුමබණ්ඩාරයි අත්සන් කරලා තියෙන්නේ. අපි ලොකු කැප කිරීමක් කළා.
ලොකු ගණන්වලට මිලියන 100ට 200ට පක්ෂ විකිණෙන්නේ. අපි එහෙම විකිණුන අය නෙමෙයි. සජිත්ගේ නායකත්වය පිළිනොගන්නා තත්ත්වයකට ගෙන එන්න පුළුවන්.
අපිට අවශ්‍ය වෙලාවට ඒ තුරුම්පුව ගහන්නම්. මේ ඩයනාගෙන් පළිගන්න එක නවත්වන්න. අපි නඩු දලා තියෙන්නේ. හොඳ ලස්සන නඩු තීන්දු ටිකක් එයි ඉස්සරහට. අපේක්ෂකකමටත් විශාල ප්‍රශ්නයක් තියෙනවා එතුමාගේ.
මේ ලකුණෙන්නම් ඉදිරිපත් වෙන්න දෙන්නේ නෑ මහත්තයෝ. එයාලට ඕනේ විදියට මේ පක්ෂය නටවන්න දෙන්නේ නෑ මේ පක්ෂයේ බලය ගන්නවා.
ඩයනා ගමගේ මැතිණිය ශ්‍රී ලංකාවේ ඉපදිලා අවුරුදු 16 දී තමා එංගලන්තයට යන්නේ. ඒ ගිහින් බ්‍රිටිෂ් පාස්පෝට් එකක් ගත්තා කියලා එයා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වෙන්නේ නෑ. බ්‍රිටිෂ් පාස්පෝට් එක බාර දිලා තමයි ඇය නැවත ලංකාවට එන්නේ.
බ්‍රිතාන්‍ය කාන්තාවක් ලෙස මේ ලංකාවට ඇවිල්ලා කරපු සේවයට මම යෝජනා කරනවා ජනාධිපති තුමාට ඕල්කොට් තුමාට සහ ආතර් සී ක්ලාර්ක් මහතාට දුන්නා වගේ පුරවැසිකම ඩයනාටත් තව අවුරුදු 10ක් ආපස්සට දාලා පුරවැසිකම දෙන්න කියලා. එතකොට ඒ ප්‍රශ්න ඔක්කෝම ඉවරයි. ඩයනා ලොකු සේවයක් කළා.
මෙයාට ගෙවපු පඩිනඩි ටික ගන්න ඕනේ කියලා කියනවා මම දැක්කා. බ්‍රිතාන්‍යයෙන් ගෙනැල්ලා මේ පඩියට දැම්මොත් එහෙම ඇබෑර්තුවක් දිලා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ වැඩ කරන්න කියලා අඩු තරමේ ලක්ෂ 100ක් වත් ඉල්ලයි වැඩ කරන්න.
ඇත්තටම නඩුවක් ගියොත් ඩයනාට ගෙවන්න වෙනවා පාර්ලිමේන්තුවට. මීට වඩා ලංකාවෙන් ගිහින් යුරෝපයේ වැඩ කරන බස් ඩ්‍රයිවර්ස්ලට ගෙවනවා යුරෝ 5,000ක්.”








Leave a Reply